ලිට්‍රෝ ගෑස්, සිලින්ඩර 100,000ක් බෙදාහරියි.

උසස් පෙළ විභාගය අවසන් වනතුරු යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම සහ විදුලි කප්පාදුව නැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ප්‍රකාශ කළේය. උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි මැද දක්වා පැවැත්වීමට නියමිත බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නැවත වරක් විදුලි බිල වැඩි කළහොත් සිසුන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සහන සැලසීම සඳහා තමන් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *