ලබන 18 වැනිදා සිට පුද්ගලික බස් රථ අඛණ්ඩ වර්ජනයක

බස් කර්මාන්තයේ නියැලෙන පිරිස් මුහුණ දෙන ගැටළුවලට රජයෙන් කිසිදු විසදුමක් නොලැබීම හේතුවෙන් ලබන 18 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට මෙරට සියලුම බස් රථ සංගම් තීරණය කර තිබේ. අද නාරාහේන්පිට පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව පැවසා සිටියේය.

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති මුත් මෙතෙක් එම ගැටලු වලට විසදුම් නොලැබීම මෙම වර්ජනයට හේතුවයි.

අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ ලබන 15 වනදා වන විට මෙම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් 18 වැනිදා සිට වර්ජනය ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *