ලබන වසර වන විට අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කරනවා – ඇමති

ලබන වසර වන විට සමස්ත අධ්‍යාපන පද්ධතියම ඩිජිටල්කරණය කරන බවත්, ඊට අදාළ සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නව පත්වීම් 4,672ක් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට සියලු ප්‍රතිපාදන පහසුකම් ලැබෙමින් පවතින අතර ඊට අදාළ කටයුතු මේ වන විට ගනිමින් පවතින බවයි.

ඩිජිටල්කරණ ක්‍රියාවලියට අදාළ ශක්‍යතා අධ්‍යයනය දෙසැම්බර් මාසය අවසන් වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟින්, වැඩසටහනේ පළමු අදියර ලෙස ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් වන විට සියලුම 1A, 1B සහ 1C පාසල්වල ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය. කුමන දුෂ්කරතා ඇතිවුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *