ලබන වසරේ අගෝස්තු මාසය වන විට රට තුළ බිත්තර සහ කුකුළු මස් අතිරික්තයක් අපේක්ෂා කරන බවත්, එමගින් විදේශ රටවලට බිත්තර අපනයනය කිරීමට හැකිවනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීම අවශ්‍ය වන්නේ දෙසැම්බර් මාසය දක්වා පමණක් බවයි.
ජනවාරි මාසය වන විට රටේ පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කළ හැකියි.
“ශ්‍රී ලංකාවට බිත්තර සහ සහල් ආනයනය කළත් අපනයනය කරන්නේ සහල් සහ බිත්තර ඉතා සුළු ප්‍රමාණයක් බවත් වෙළඳපොලේ සිටින ගැනුම්කරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවත්” ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් අපේ රට බොහෝ රටවලට බිත්තර, කුකුල් මස්, සොසේජස් අපනයනය කළා. ජාත්‍යන්තර වෙළඳපොලේ ගැනුම්කරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු කර තිබුණි.