මෙම වසර අගදී ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුණේ උස්ලු ප්‍රමුඛ ලන්දේසි සංස්කෘතික නියෝජිත පිරිසක් අගෝස්තු 27 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම වස්තූන් අතර සුප්‍රසිද්ධ ලෙව්කේගේ කැනනය, රන් කස්තාන දෙකක් (උත්සාහක කඩුව), සිංහළ පිහි, රිදී කස්තාන් සහ තුවක්කු දෙකක් ඇතුළත් වේ.
“මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණෙන රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වේ. 2023 අගෝස්තු 28 වැනි සඳුදා ශ්‍රී ලංකා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී නීත්‍යානුකූල අයිතිය පැවරීම අත්සන් කෙරේ. මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික හා ලන්දේසි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය. තානාපති කාර්යාලය පැවසීය.