ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන රාමුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විෂය භාර අමාත්‍යවරයා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන රාමුව මේ මස අගදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීට පෙර අමාත්‍යවරයා කියා සිටියේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ අද පෙරවරුවේ ලංවිම ප්‍රතිසංස්කරණ කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

මෙම කමිටුව සංවර්ධන නියෝජිතායතන, අංශ විශේෂඥයින්, පාර්ශ්වකරුවන් හමුවී ඇති අතර ඉදිරි සතියේ දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) හමුවීමට නියමිත බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *