ලංවිමට බෝනස්, වැටුප් වර්ධක හෝ දිරි දීමනා නෑ

මෙම වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා නොගෙවීමට තීරණය කර තිබේ.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ උපෙදස් ලබාදී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වසර තුනකට වරක් සිදුකරන 25%ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසටද අමාත්‍යවරයා තවදුරටත් උපදෙස් ලබාදී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *