ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභයි

මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභ ලබන බව අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර තුළ ලංකා සතොස ලබා ඇති අලාභය රුපියල් මිලියන 288ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මේ වසරේ ගත වූ මාස 10 තුළ ලංකා සතොස ලාභ ලබන තත්ත්වයට පත් ව ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *