ලංකා මුහුදු තීරයේ මසුන් මරන්න ඉන්දියාවට කිසිසේත් අවසර දෙන්නේ නැහැ – ඇමැති ඩග්ලස්

ශ්‍රී ලංකා මුහුදු තිරයේ මසුන් මැරිමට ඉන්දියවට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු රජයට දැනුම් දී ඇත.

මෙම ධීවර ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රිකමට්ට මේ විසදුමක් ලැබෙන තෙක් යම් කිසි කාලසිමාවකට ලංකා මුහුදු තිරයේ ධීවර කර්මාන්තයට අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලිමක් කර තිබුණු අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු ධීවර ඇමැති අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එය තරයේ ප්‍රතික්ෂප කරන බවයි.

තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සම්පත් කොල්ල කැම සදහා නොයෙන බවට ලබා දෙන පොරොන්දුවත් මත ඉදිරි සාකච්ඡාවලට සහභාගි විම කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමැතිවරයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *