ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි. ඔහු පැවසූයේ අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.
ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශය මළ මුහුදු කලාපයක් ලෙස සැලකේ. එවැනි තත්වයක් උද්ගත වුවහොත් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි. මළ මුහුදු කලාප බිහිවීම වැළැක්වීම සඳහා පරිසර දූෂණය අවම කිරීම සිදුකළ යුතු වේ.
මළ මුහුදු කලාප මුල් වරට සොයා ගැනුනේ 1950 දශකයේදිය. එය මේ වනවිට 400% ගුණයකින් වැඩි වී ඇතැයි සාගර විද්‍යාඥයින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ආසන්නයෙන් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ද වර්ග කිලෝ මීටර් 64,000ක මෙවැනි මළ මුහුදු කලාපයක් නිර්මාණය වී පැතිරෙන බව සොයා මෑතකදී සොයා ගැනිණි.