රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා ප්‍රඥප්තියක්

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා වූ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (14) පාර්ලිමේන්තුවේ දී  රැස්විය.

එහිදී රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා සකස් කෙ‍ෙරන ‍මෙම ප්‍රඥප්තිය වඩාත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි අයුරින් සකස් කිරීමේ වැදගත්කම නිලධාරීන් විසින් අනුකාරක සභාවට පෙන්වා දුනි.

රෝගීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සියලුම ආයතන කැඳවා මෙම නව ප්‍රඥප්තිය සැකසීමේ දී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද  අනුකාරක සභාවේ දී  තීරණය විය.

ඒ අනුව එම සියලු අදහස් හා යෝජනා ලබාගැනීමෙන් පසු රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා වූ  ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සකස් කර ඉදිරිපත් කළ හැකි බව නිලධාරීහු අනුකාරක සභාවට දැන්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *