රුපියල් 84,000ක මල් වට්ටිය

මල් වට්ටි වෙන්දේසියකදී විශාල මුදලකට මල් වට්ටියක් අලෙවි වූ පුවතක් වැලිගම බටවල පාතේගම ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම මල් වට්ටි වෙන්දේසිය සිදුකර ඇත්තේ වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේදීය. එහිදී මෙලෙස මල් වට්ටියක් රුපියල් 84,000ක මුදලට වෙන්දේසි වී ඇති බවය.

එම මල් වට්ටිය විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුවක් ලෙස නිර්මාණය කර ඇත.

වැලිගම පාතේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන ඉරේෂාන් චතුරංග විසින් එම මල් වට්ටිය මිලට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *