වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පොරොන්දු වූ පරිදි රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙසටත්, එසේ වැටුප් වැඩිකිරීමට නොහැකි නම් එම ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩ උද්ඝෝෂණයක නිරතවන බවත් පවසමින් අද (06) උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
වතු හාම්පුතුන්ට හා රජයට බල කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදී පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ වතු කම්කරු වැටුප් අයිතිය සඳහා වන ව්‍යාපාරය මගිනි.
එහිදී වතු කම්කරුවන් පවසා ඇත්තේ 2014 දී කම්කරුවන් සඳහා රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා සිටි බවත්, ගතවූ වසර 6ක කාලය තුළ වෙළඳ භාණ්ඩ මිල මෙන්ම ජීවන බරද ඉහළ ගොස් ඇති බැවින් රුපියල් දහසක වැටුප කිසිදු කොන්දේසියකින් තොරව ලබා දිය යුතු බවයි.