රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න පත් කෙරේ

අට වෙනි පාර්ලිමේන්තුවේ හතර වැනි සැසි වාරය සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා හිමි වී තිබේ. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ලසන්ත අලගියවන්න මහතාගේ නම යෝජනා කල අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරනු ලැබීය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටිටිආරච්චි මහතාත් සහ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *