රාජ්‍ය ආයතන වලට නොදන්වා ගිහින් ඒවා විධිමත් හා කාර්යක්ෂම කරන්න බෑ – අනුර කුමාර

‍ජනපති සතියට වතාවක් ආයතන වලට කඩා පැනීමෙන් රාජ්‍ය ආයතන විධිමත් හා කාර්‍යක්ෂම කළ නොහැකි බවත්, කළ යුත්තේ එම ආයතන වල ගැටලුවලට විධිමත් විසඳුම් ලබා දීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අප රටේ කීර්තිමත් හා කාර්‍යක්ෂම රාජ්‍ය සේවාවක් පැවතුණු නමුත්, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම සහ රාජ්‍ය සේවයේ ගැටළුවලට පිළිතුරු සැපයීමට රජය අපොහොසත් වීම නිසා රාජ්‍ය සේවය පිළිබඳව පොදු ජනතාවට ඇත්තේ යහපත් ආකල්පයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම හේතූන් නිසා රාජ්‍යසේවය දේශපාලනීකරණයෙන් මුදාලීම සහ ඔවුන්ගේ ගැටළුවලට පිළිතුරු සෙවීම ඇරඹුවහොත් රාජ්‍යසේවය පිළිබඳව යහපත් බලාපොරොත්තු තබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *