සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කර තිබේ.
චෝදනා කිහිපයක් මත විෂය භාර අමාත්‍යවරයා විසින් හිටපු සභාපති සරත් ලියනගේ මහතා එම ධුරයෙන් ඉවත් කළ බව වාර්තා විය.
අද (17) වැඩ භාර ගැනීමට නියමිත වෛද්‍ය මෙන්ඩිස් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර තිබුණි.