රාජ්‍ය ඇමැතිවරියකගෙන් රූපවාහිනියට පොල්ලක්

පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.

ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ  නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය  කිරීමට වැයවූ මුදල බව දැනගන්නට ඇත.

එම රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව  නවගමුව  පෙරහර  මෙසේ සජීවී ලෙස විකාශනය කර තිබිණ.

මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ  ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිප වතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා  නැතැයි කියති.

මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල  පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පෙරහර  ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *