රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ජනතාවට පීඩනයක් නොවන අයුරින් යථාර්ථයක් බවට පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය සේවක වැටුප් වාරික වශයෙන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සතුටට කරුණක් බව ඔහු සඳහන් කළේය.
අයවැය යෝජනාවට පෙර රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් භාරගනිමින් ඔහු මේ බව කියා සිටියා.
රාජ්‍ය සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව රජය සැමවිටම අවධානයෙන් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අයවැය ඉදිරිපත් කිරීමට පෙර සිටම වැටුප් වැඩි කරන බවට වූ පොරොන්දුව ඊට නිදසුනක් බවද ඒ මහතා කීය.
කෙසේ වෙතත් ලක්ෂ 14ක් වන රජයේ සේවකයන්ගේ සහ ලක්ෂ 6ක් වන විශ්‍රාමිකයන්ගේ වැටුප අවම වශයෙන් රුපියල් 1000කින් වැඩි කළහොත් කොපමණ මුදලක් වැය වේද යන්න පිළිබඳව රජය අවධානයෙන් සිටිය යුතු බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසයි.