රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් ගෙවීමේ තාවකාලික දින මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
විධායක නොවන ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් 2023 ජනවාරි 25 වන දින ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් 2023 ජනවාරි 26 වැනි දිනම හෝ ඊට පසු දින ගෙවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය හේතුවෙන් රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන්ගේ වැටුප් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට තීරණය කළ බව පසුගිය සතියේ (17) රජය නිවේදනය කළේය.
2023 වසර සඳහා වන රජයේ නව ආදායම් සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බැවින් අපේක්ෂිත ආදායම රැස්කර ගැනීමට නිශ්චිත කාලයක් අවශ්‍ය වන බැවින් මෙම පියවර ගෙන ඇත.
එමගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කරමින් භාණ්ඩාගාරයේ සැලසුම්වලට අනුව රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.