රාජපක්ෂලා නැති පාලනයක් ජනතාව ඉල්ලනවා – සජිත් අගමැතිට පිළිතුරු දෙයි.

නව රජයට සහය ලබාදෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබාදී තිබෙනවා.

ජනතා ඉල්ලීම රාජපක්ෂවරුන් නොමැති ආණ්ඩුවක් බව විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් අගමැතිවරයාට සිහිපත් කර ඇත.

නව ආණ්ඩුවේ කොටස්කරුවන් වීම ප්‍රතික්ෂේප කරන අතරම, ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා නිවැරදි තීරණ සඳහා නව රජයට විපක්ෂයේ සහාය හිමිවන බව විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *