රාජකාරී කාලය තුළ ගංජා පානය කළ හබරාදූව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහු අත්අඩංගුවට ගෙන කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට වාර්තා කර ඇත.
අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවට අනුව ගාල්ල පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතා විසින් ඔහුගේ වැඩ තහනම් කරන ලදී