රාගල මාර්ගයේ, විදුලි දුම්රිය ධාවනයට ?

නානුඔය සහ රාගල අතර දුම්රිය මාර්ගය විදුලි දුම්රිය ධාවනය සඳහා යථා තත්ත්වයට පත් කරන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සිකුරාදා (21) නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවල සංචාරයක නිරත වෙමින් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ක්‍රියාත්මක වූ සහ පසුව වසා දැමූ දුම්රිය සේවාව දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලුමට සරිලන පරිදි යළි ආරම්භ කරන බවයි. නුවරඑළියේ සිට කොළඹට දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථානයේ ශාඛාවක් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

පසුව ඔහු නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ඔහුට ඇල්ල දක්වා දුම්රියෙන් යාමට සිටි විදේශීය සංචාරකයින් හමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *