Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

රදැල්ල ක්‍රීඩාංගනය නැවත සංවර්ධනය කර ජාතික කණ්ඩායමේ පුහුණුව සඳහා ලබාදීමට පියවර…

රදැල්ල ක්‍රීඩාංගනය නැවත සංවර්ධනය කර ජාතික කණ්ඩායමේ පුහුණුව සඳහා ලබාදීමට පියවර…

නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංවර්ධනය කර ඇති අතර ඔවුන්ගේ තීරණාත්මක නවසීලන්ත සංචාරයට පෙර ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සඳහා දැන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතික කණ්ඩායම් පුහුණුවීම් සඳහා භාවිත කිරීමට ක්‍රීඩාංගනයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික සමාජය, දිඹුල මලල ක්‍රීඩා සමාජය සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ලබාදුන් එකඟතාවය මත ක්‍රීඩාංගනය නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ස්ථාන සහ පහසුකම් කළමනාකාර ගොඩ්ෆ්‍රි ඩබ්‍රේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් යුත්, ඉහළ පළපුරුදු ක්‍රීඩාංගණ කළමනාකරණ කණ්ඩායමක් ජාතික කණ්ඩායම් පුහුණුවීම් සඳහා සුදුසු පරිදි ක්‍රීඩාංගණය යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් කටයුතු කළහ.

පුහුණු සැසි සාර්ථකව පැවැත්වීම සඳහා ක්‍රීඩාංගනය මධ්‍ය තණතිලි කඩුලු 4කින් සහ අලුතින් තැබූ පුහුණු තණතිලි කඩුලු 5කින් මෙන්ම අනෙකුත් පහසුකම්වලින්ද දැන් සමන්විත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

රදැල්ලට නවසීලන්තයට සමාන තත්ත්වයන් පවතින බැවින් ජාතික කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර සතියක පුහුණු සැසියක් ආරම්භ කිරීම සඳහා අද (16) රදැල්ල බලා පිටත්ව යනු ඇත.

1856 දී ඉදිකරන ලද රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200 ක් උසින් පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා භාවිතා කළ හැකි එකම උස් ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ.

ජාතික මට්ටමේ ක්‍රිකට් සඳහා එහි යෝග්‍යතාවය තීරණය කිරීම සඳහා පසුගිය සතියේ පුහුණු තරගයක් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *