රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා  පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් සේවා සපයන සියලු කාර්යාලවලින් සේවා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් එය දුරකථනයෙන් හෝ වෙබ් අඩවිය හරහා කළ හැකි බවත් ඒ මහතා කීය.

0112117116 යන ස්වයංක්‍රීය දුරකථනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකථන අංකය සහ හැදුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයක් ලෙස ලැබෙන බවත් අඅඅගාපඒචචදසබඑපැබඑගාපඑගටදඩගකන යන වෙබ් අඩවියෙන් පිවිසීමෙන් ද දිනය සහ වෙලාව වෙන්කරගත හැකි බවත් අනුරුද්ධ වීරසිංහ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *