රත්‍රන් ආනයනය සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කැරට් 22ට වැඩි රත්‍රන් ස්වර්ණාභරණ ලෙස ආනයනය කිරීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඊට අදාළව විශේෂ ගැසට් අංක 2312/77 නිකුත් කර ඇති බවයි.

රත්‍රං ජාවාරම් වැලැක්වීමේ අරමුණින් මෙම ආනයන සීමා කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *