රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක්

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍ර ලාභී බැංකු සමඟ සහයෝගයෙන් වික්‍රමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.

එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කර ඇතැයි රජය කියයි.

යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල ණය ලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ග වලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිමකර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ද ගෙවීමට හැකියාව ලැබෙන බව රජය සඳහන් කරයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා  අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *