රජය වාහන ආනයනය තහනම් කිරීමත් සමඟ ආනයන සමාගම් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන රජයට රුපියල් මිලියන 1000ක මුදලක් අහිමි කළ බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට ඊයේ (29දා) දැනුම් දුන්නේය. බිලියන 1ක බදු ආදායමක්.
රේගුව විසින් නිෂ්කාශනය නොකළ KE3845 දරණ මිනි කූපර් වර්ගයේ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස ඇතුළත් කිරීමෙන් මෙම දූෂණ වරද සිදු කර ඇති බවට අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි අල්ලස් කොමිසම මේ බව සඳහන් කළේ.
වාහන 5000ක් පමණ ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බව ප්‍රකාශ කළ අල්ලස් කොමිසම මේ වන විට වාහන 200ක් හඳුනාගෙන ඇති බව සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන්ට රුපියල් කෝටි 100ක මුදලක් ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවද අල්ලස් කොමිසම ප්‍රකාශ කළා. එක් වාහනයක් ලියාපදිංචි කිරීමට ලක්ෂ 20 ක මුදලක් ලබා දෙන බවත්, මෙම ජාවාරම කලක සිට සිදුවන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.
රජයට බදු ආදායම අහිමි කරන මෙම වංචාවට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන් කළ කොමිසම ඔවුන් ලවා අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
මිනි කූපර් රථය 2007 වසරේදී ව්‍යාජ ලියකියවිලි යොදාගෙන මෙරටට ගෙන්වාගෙන 2015 වසරේදී ත්‍රිරෝද රථ පොතක ලියාපදිංචි කර රජය රුපියල් ලක්ෂ 25ක බදු වංචාවක් සිදුකර ඇති බව වාහන අමතර කොටස් ආනයනය කරන සමාගමක් විසින් මෙය සිදු කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මෙම රථය රේගු භාරයේ තබන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ මිනි කූපර් රථය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙස අධිකරණය නියෝග කළේය.