රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ කිහිපයක බරපතළ හිඟයක් වාර්තා වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.
එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන කියා සිටියේ වෙළුම් පටි, පුළුන් ඇතුළු වෛද්‍ය ද්‍රව්‍ය කිහිපයක හිඟයක් පවතින බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් වෛද්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ජයවර්ධන පෙන්වා දුන්නේය.
මේ වනවිට රජයේ රෝහල්වල නිර්වින්දන ඖෂධවල දැඩි හිඟයක් පවතින බවද මංජුල ජයවර්ධන මහතා අනාවරණය කළේය.