රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම ඇදන් කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. එමෙන්ම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනෙල් දොරවල් ආදිය සවිකිරීම මෙන්ම ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාව ලබා දීමටද මෙහිදී සාකච්ඡාවය ලක්විය. ඔහු මේ අදහස් පළකර ඇත්තේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
2020-01-29