රජයට අයත් අවශේෂ වනාන්තර වල වගා කිරීමට අවසර

රජයට අයත් අවශේෂ වනාන්තර වල වගා කිරීම සදහා රජය විසින් අවසර ලබා දී තිබේ. වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ, වන සංරක්ෂක ජනරාල් වරයා සහ‌ සියලු ම දිස්ත්‍රික්‌ හා ප්‍රාදේශීය ලේකම්වරුන්‌ සදහා මීට අදාළ ලිපිය යවා ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පරිසරයට, වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක්‌ නොවන පරිදි ආර්ථිකමය හා වෙනත්‌ ඵලදායී කටයුතු සඳහා එම වනාන්තර භාවිතා කිරීමට දිස්ත්‍රික්‌ ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකි වන පරිදි කටයුතු කිරීමට මෙයින්‌ ඉඩකඩ ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වල වාර්තා පලවන්නේ මෙම ලිපියෙහි පිටු 3 කින් සමන්විත වුවත් මාධ්‍ය විසින් පළ කර ඇත්තේ එහි පළමු පිටුව පමණක් බවයි. සමාජ මාධ්‍ය තුළ පළවූ එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *