යාල්දේවි පීලි පැනීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි.

යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමත් සමඟ උතුරු මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය දෙකම අද දිනයේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද දිනයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.

යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය අද පස්වරු 1.30ට පමණ වවුනියාව සහ මැදවච්චිය දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා විය.

මෙම පීලි පැනීමත් සමඟ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ද ඇනහිට තිබෙනවා.

දුම්රිය එන්ජිම සහ යාබද මැදිරි දෙකක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *