යල කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා ඉන්ධන සහනාධාරයක්

පසුගිය යල කන්නයේ වගා හානි වූ සෑම ගොවියෙකුටම හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 40 බැගින් සහනාධාරයක් ලෙස නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වවුචර්පත් බෙදාදීම ඊයේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදු විය.

“වළවේ කලාපයේ, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වගා හානි වූ සියලුම ගොවීන්ට මෙන්ම පසුගිය යල කන්නයේ වගා හානි වාර්තා වූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.

පසුගිය යල කන්නයේ වගා කළ වී අක්කර 65,000ක් පමණ නියඟයෙන් හානියට පත්වී ඇති අතර, මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය මහ කන්නයේ වී වගාව සඳහා නොමිලේ බෙදාහැරීම සඳහා චීන රජය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඩීසල් ලීටර් මිලියන 6.9ක් ලබාදී තිබුණි. මෙම ඩීසල් තොගය බෙදා හැරීමේදී ඇතැම් ගොවීන් විසින් සුළු ප්‍රමාණයක් ලබා නොගත් අතර ඩීසල් ලීටර් ලක්ෂ 20ක් ඉතිරිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *