යටවර බණ්ඩාර වෙනුවෙන් ගත් තීරණය

ඊශ්‍රායලයේදී මියගිය යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ අතර යටවර බණ්ඩාර මහතාගේ මරණය ගැන ඔහුගේ බිරිඳ මෙලෙස අදහස් පළ කළාය,

“ඊයේ වෙනකම් අපි හිතන් හිටියේ ජීවතුන් අතර ඉන්නවා කියලා. මම ආයෙත් තානාපතිතුමාට කථා කළා… ඒකත් විශ්වාස නෑ කියලා මගේ හිත කියපු හින්දා. තානාපතිතුමා කථා කරලා කිව්වා දුවලගේ DNAවලට ගැලපෙනවා කියලා.. ඔයා හිත හදාන්න කියලා. මහත්තයාගේ එකම හීනය වුණේ දුවව රටකට යවන්න. හැමෝටම කියලා තියෙනවා ආයේ ලංකාවට යන්නේ දුවව රටකට යවලා කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *