මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් සඳහාය.

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදුකරණ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව එහි සඳහන් ව ඇත.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *