මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමය සෙනසුරාදා (7) ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
නව වැඩපිළිවෙළ සමඟින් ඔන්ලයින් ක්‍රමය හරහා මෝටර් රථ ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගත හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
“ජනතාවට පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණීමට අවශ්‍ය නැහැ. රටේ ඕනෑම තැනක සිට ආදායම් බලපත්‍ර ලබාගන්න පුළුවන්,” ඔහු පැවසීය.
බස්නාහිර පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
ලබන වසරේ මාර්තු මාසය වන විට සියලුම රාජ්‍ය ආයතන වෙත මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමටත් ඔන්ලයින් ක්‍රමය හරහා සියයට සියයක්ම ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් අමාත්‍ය හේරත් මහතා පැවසීය.