මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සෙවීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කොමිසමක්

මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිඹදව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අවශ්‍ය නිර්දේශයන් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ. මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර තිබේ.

මෙම කොමීෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතාගේ සභාපතීත්වයෙන් ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක බව වන අතර, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවලින් අනාවරණය කරගෙන ඇති කරුණු අධ්‍යයනය කර ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හෝ වෙනත් එවැනි වරදවල් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සොයා බලා වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබදව සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇති වගකීම් වේ.

ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලස ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *