මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල කලුතර දී

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව  දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී ප්‍රධාන පුහුණු පාසල ලෙස කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත පුහුණු පාසල ක්‍රියාත්මක වන අතර එයට අමතරව අනුරාධපුර, කඩුගන්නාව, කුරුණෑගල, මඩකලපුව, යන ප්‍රදේශවල පළාත් මට්ටමින් ද පුහුණු මධ්‍යස්ථාන 04 කද, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, හම්බන්තොට ශික්ෂණ රෝහල, දියතලාව මූළික රෝහල, කහවත්ත මූළික රෝහල, මහමොදර රෝහල යන  රජයේ රෝහල් වලට අනුබද්ධව තවත් පුහුණු මධ්‍යසථාන 05 කද සහ කොළඔ නාරාහේන්පිට ET&R අංශයේ අධීක්ෂණය යටතේ කොළඹ කාසල් වීදියේ කාන්ත‍ා රෝහලේද සායනික පුහුණු කටයුතුද  මෙයට සමගාමීව ආරම්භ කරන ලදී.

මෙම පුහුණු මධ්‍යස්ථාන 11 තුළින් වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් දහසක් පුහුණු කර මෙරට සෞඛ්‍ය පද්ධතියට එක්කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වේ. මෙතෙක් එම පුහුණුව හෙද පුහුණු පාසල් තුළින් ලබා දීමට කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *