මෙරටට පැමිණෙන සංචාරකයින් ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 4000කට ආසන්න පිරිසක් බවට වාර්තා පල වුණි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත කියා සිටියේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් විවිධ සීමා පනවා තීබීම මෙම තත්ත්වයට හේතු වූ බවයි.