මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට පනවා ඇති නිරෝධායන කාල සිමාව අඩක් අඩු කර තිබේ. ඒ අනුව මින් පෙර පනවා තිබූ දින 14ක නිරෝධායන කාල සීමාව දින 07 දක්වා අඩු කර ඇත.
මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙන බවත්, එම නව මාර්ගෝපදේශ මාලාව අද සිට ක්‍රියාත්මක බවත්ය.