මෙරටට එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනිවාර්ය කෙරේ

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරටට පැමිණෙන්නේ නම්, ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ කටයුතු පිළිඹද අමාත්‍යාංශය පවසයි.

එසේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

එමෙන්ම පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන් හා පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතී රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එවැනි පුද්ගලයින් දින 14 ක් තමන් නවාතැන්ගෙන සිටින ස්ථානයේ නිරෝධායනයට ලක්විය යුතු අතර එය අදාල තානාපති කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවටයි නිවේදනයේ දැක්වෙන්නේ. එසේම නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන් නැවත පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *