මෝසම් කාලගුණය වෙනස් වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල ‘ගොන්මහ-ගල් මාළු’ නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා පවසයි.
මෙම මත්ස්‍ය විශේෂය අධික විෂ සහිත වුවද මුහුදේ සිටින මිනිසුන්ට හෝ කිසිදු ජීවියෙකුට පහර නොදෙන බව ඔහු මාධ්‍ය වෙත පැවසීය. මෙම මාළුව ගල්පර මාළුවෙකි.
කෙසේ වෙතත් මෙම මසුන් අත්වැරදීමකින් හෝ පෑගීම හේතුවෙන් කිහිප දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් කළ බවයි වාර්තා වුණේ. මෙම මත්ස්‍යයාගේ විෂ ස්පර්ශ කරන විට හෝ පෑගීමේදී බරපතල තුවාල සිදුවිය හැක.
මෙම ගල් මාළුවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදේ සැරිසැරූ බව වෛද්‍ය රූබන් පවසයි. මෙම මත්ස්‍ය විශේෂය ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි බොහෝ රටවල දක්නට ලැබේ.
සුපුරුදු පරිදි මෙම මසුන් අභිජනන කටයුතු සඳහා වෙරළ ආසන්නයට පැමිණෙන බව වෛද්‍ය රූබන් මහතා පැවසීය.
මෙම මාළුවාට පිහිනීමට අඩු හැකියාවක් ඇති බවත්, එය ඉතා සෙමින් ගමන් කරන බවත් ඔහු පැවසීය. එය පිහිනන නමුත් දෂ්ට නොකරයි.
ගල් මාළුවාගේ පිටේ කටු කිහිපයක් ඇති බවත්, මෙම කටුවලට පෑගීම මඟින් වස ශරීරගත වන බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මාළුන්ගේ කොඳු ඇට පෙළ පෑගීමෙන් දැඩි වේදනාවක් ඇති වන බවද පැවසේ.
එබැවින් මේ දිනවල මුහුදේ දිය නෑමේදී ප්‍රවේසම් වන ලෙසත් දියනෑමේදී සෙරෙප්පු පැළඳ සිටින ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.
මුහුදේදී මෙම මත්ස්‍යයාගේ දෂ්ට කිරීම්වලට ලක් වුවහොත් වහාම මුහුදෙන් ගොඩට පැමිණ කඩිනමින් පියවර ගෙන ප්‍රතිකාර සඳහා රෝහලට යායුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙම මාළුවා මරා නොදමන ලෙසත් මුහුදේ දිය නෑමට හෝ වෙරළ තීරයේ පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.