මුස්ලිම් විවාහ නිතිය වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව යොදා ගත යුත්තේ ජාතින් අතර එකමුතුකම, දයාව ඇති කරලීම සඳහා යුතු කිරීමට බවත් එය වෛරය, ආගම් සහ ජාතින් අතර භේද පතුරවන ස්ථානයක් නොවිය යුතු බවත්ය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක විය යුතු බවත් එය සිදුකිරීම රජය වගකීම බවත්, ඊට සම්බන්ධ නොවු පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුනොකිරීමට ද වැදගත් බවයි මෙහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ.