සමස්තයක් ලෙස සලකා බැලීමේදී අද රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු පැවසීය.
ඒ අනුව ඔක්සිජන් ආනයනය කිරීමට සිදුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.