මැතිවරණ මාධ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම අපරාධයක් ලෙස තහවුරු වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම සාපරාධී ලෙස සැලකීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාව අනුව මාධ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කර ඇතත්, මාධ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළහොත් ගත හැකි ක්‍රියාමාර්ග මෙතෙක් සම්පාදනය කර නොමැත.

ඒ අනුව මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් මැතිවරණ වරදක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *