සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනාගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වේ.
එම විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15දෙනෙක්ගෙන් සමන්විත වන අතර කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත්කිරීමෙන් පසු මාස 06ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන් වේ.
දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම එම කාරක සභාවේ වගකීම බව සඳහන්ය.