මැතිවරණ කොමිසමට ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවශ්‍ය වෙයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පත් කෙරෙන නිලධාරීන්ට ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස තමන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

“මම මෙම ඉල්ලීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ සමස්ත රජයෙන් කර ඇති අතර එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව” ඔහු මාධ්‍ය වෙත පැවසීය.

“අපගේ ඉල්ලීම ඉක්මනින් ලබා දෙනු ඇතැයි අපට විශ්වාසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *