නිල්වලා හා දිගිලිය ගංගා පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස, ආරච්චිගෙවත්ත ගම්වාසීන් මාස 2ක සිට පීඩාවට පත්ව සිටී.
දෛනිකව රැකියාවන් සඳහා යන පිරිස් මෙන්ම පාසල් දරුවන්ගේද අධ්‍යාපන කටයුතුවලටද එම තත්ත්වය හේතුවෙන් බාධා එල්ලවී ඇත.
නිවැසියන් ගෘහ භාණ්ඩ ගංවතුරින් ආරක්ෂා කර ගැනීමට ක්‍රියාකර මහත් පරිශ්‍රමයක් දරණ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මේ අතර ගංවතුර තත්ත්වය හමුවේ පානීය ජල ගැටලුවකටද ඔවුන් මුහුණපා ඇති අතර ඔවුන් පවසන්නේ කිඹුල් අවදානමක්ද මතුව ඇති බවය.
එමෙන්ම ගංවතුරෙන් යටවූ ඇතැම් ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.