මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය?

මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට රජයේ ප්‍රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

සාකච්ඡාවට ගණනාවකදීමඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයට මේ මොහොතේදී මුහුණ දීම වඩාත් සුදුසු බව එම සාකච්ඡාවලදී වැඩි දෙනා අදහස් පළ කර ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ප්‍රථම රැලිය සංවිධානය කරනු ලැබුවේ ඒ අරමුණින් බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් පසු පැවැත්වෙන මැතිවරණය කුමක්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට රජය බලාපොරොත්තු  වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *