මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට ඊයේ(11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා – රට වැට්ටුවා – පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.