ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම අහෝසි කිරීමේ අරමුණින් මහ බැංකු පනත සංශෝධනය කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මේ සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම පනත් කෙටුම්පත සිංහල ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යයෙන් සකස් කර අවසන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම බල රහිත කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව අනාගතයේදී වැටුප් වැඩි කිරීම් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් කිරීමටත් මෙම නව පනතෙන් ක්‍රියා කෙරෙන බව ගම්මන්පිල මහතා කීය.
පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ට උඩ පැන පැන බැන්න සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමේදී බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා තමන්ගේ කතාව ක්‍රියාවෙන් ඔප්පු කරාවි යැයි බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය. උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.